Toshiba හි නවතම නිශ්පාදනය TransMemory Pro 128GB USB 3.0 flash ධාවකය (drive) ඉහල
වේගයකින් දත්ත ලිවීමේ හා කියවීමේ හැකියාවෙන් යුක්තයි.
මෙහි උපරිම වේගය ලබා ගැනීමට USB 3.0 කවුළුවක් (port)
හරහා පරිගණකය හා සම්බන්ධ කල හැකියි. නමුත් USB 2.0 සඳහාද
මෙය සහයෝගය දක්වනවා. මීට අමතරව මෙහි අන්තර්ගත ආරක්ශක මෘදුකාංගය මගින් මෙයට මුර
පදයක්ද යෙදිය හැකියි.
මෙහි දත්ත කියවීමේ වේගය 222 MB/s වන අතර දත්ත ලිවීවේ වේගය 205MB/s වේ. ඒ මගින් පරිගණකය හා ධාවකය අතර විශාල ගොනු ඉක්මනින් හුවමාරු කළ හැකියි. තවද මෙහි පොදු භාවිතයට සහ පෞදගලික භාවිතයට (මුර පදයක් යෙදිය හැකි) කොටස් (partition) 2ක් පවත්වාගත හැකියි.
මෙහි 128GB ආකාරය $199.99 වන අතර 64GB ආකාරය $129.99 වනවා.




