GSM Association වාර්ශිකව සංවිධානය කරන Mobile World Congress සහ
Global Mobile Awards 19 වන වරටත් මේ වසරේදී පැවැත්වුනා. ස්වාධීන විශ්ලේෂකයන්, මාධ්‍යකරුවන්, සහ විශය ප්‍රවීණයන් 175කට වැඩි ප්‍රමාණයක් මේය විනිශ්‍ය සඳහා
සහභාගී වනවා.
ජංගම දුරකථන වලට මෙහිදී කාණ්ඩ කිහිපයක් යටතේ
ඉදිරිපත් විය හැකියි.
ඒ අනුව HTC One පසුගිය වසරේ හොඳම ජංගම දුරකථනය ලෙස පිඳුම්
ලැබුවා. මේ සදහා Apple iPhone 5S,
LG G2, Lumia 1020
සහ Samsung Galaxy Note 3 නාමයෝජනා වී තිබුණා. පෙර වසරේදී මෙය හිමිවූවේ Samsung
Galaxy SIII දුරකථනයටයි. HTC One හි
ආකර්ෂණීය නිමාවත්, විශිෂ්ට පරිශීලීක අතුරු මුහුණතත් (user interface) මේ සඳහා හේතු වී තිබුණා.
Nokia Lumia 520 හොඳම අඩු මිල ජංගම දුරකථනය ලෙස තෝරා ගැනුණා.
අනෙකුත් නාමයෝජනා වූයේ Lenovo A390T, Samsung
Galaxy Young, Sony Xperia E, සහ Xiaomi Hongmi
යි.
Nokia 105 හොඳම සාමාන්‍ය දුරකථනය වූවා (Featurephone). Nokia 208, Nokia 515, Nokia Asha 210, සහ Nokia Asha 503
මීට නාමයෝජනා වී තිබුණා. පසුගිය වසරේ ජයහ්‍රහකයා වූයේ Nokia Asha 305
යි.
Apple iPad Air, Best Mobile Tablet
කාණ්ඩය ජයග්‍රහණය කළා. අනෙකුත් නාමයෝජනා වූයේ Apple iPad mini 2, Google Nexus 7 (2013) සහ Sony Xperia Tablet Zයි.
පසුගිය වර Google Nexus 7 (Asus) මෙය ජයග්‍රයණය
කළා.
LG පසුගිය වසරේ හොඳම නව්‍යකරන උපාංග නිශ්පාදකයා (
Most Innovative Device Manufacturer) වූවා. කලින් වසරේ මෙය හිමිවූයේ Samsung ආයතනයි.
සම්පූර්ණ ලයිස්තුව මෙතනින්




