-->

2014/02/26

Hennessey Venom GT පැයට කි.මී. 435.311ක වාර්තාවක් තබයි.


                 වසරක පමණ සිට ලොව වේගවත්ම කාරය සඳහා වාර්ථාව උසලනු ලැබුවේ Bugatti Veyron කාරයයි. නමුත් පසුගියදා Hennessey Venom GT මේ වාර්ථාව බිඳ දමනු ලැබුවා.

                 Florida හි Kennedy Space Center  හිදී  Venom GT මෙම හපන්කම දක්වනු ලැබුවා. මෙසේ බිඳ දමනු ලැබුවේ Bugatti Veyron Super Sport කාරය 2010 දී පැයට කි.මී. 434.29 ලෙස තබා තිබූ වාර්ථාවයි.

                Venom GT, Lotus Exige චැසිය පදනම් කොට නිපදවෙන අතර අධීබල 7.0L twin turbo GM V8 පිටුපස එන්ජිමකින් යුතුයි. මෙයට වේගය  පැයට සැතපුම් 20 සිට 120 වැඩිකිරීමට ගතවන්නේ තත්පර  7.71ක් පමණයි. Venom GT මේ හපන්කම දැක්වූයේ කි.මී. 5.15ක ධාවන පථයකයි.


                නමුත් මේ නිසා Venom GTට ලොව වේගවත්ම කාරය සඳහා වන ගිනස් වාර්ථාව සඳහා හිමිකම් කිව නොහැකී. ඒ සඳහා ධාවන වට දෙකක සාමාන්‍ය අගය ඉහලම විය යුතුයි.

වීඩියෝව -