-->

2014/02/28

ඇමරිකාව සැබෑවටම Iron Man සෑදීමට යයි.


                    2013 ඹක්තෝබර් මාසයේ ඇමරිකානු හමුදාව සැබෑවටම Iron Man සැදීමට යන බවට රාවයක් පැතිරුණා. පසුගියදා මාධ්‍ය සැසියක් පවත්වමින් ඇමරිකානු ජනාධිපතිද ප්‍රකාශ කර සිටියේ ධවල මන්දිරය නව නිපැයුමක් නිශ්පාදනයට මුලපුරන බවයි. ඔහුගේ කථාවේදී ඔහු සඳහන් කලේ මෙම මාධ්‍ය සැසියේ අරමුණ ඇමරිකාව Iron Man සෑදීමට යන බව දැණුම් දීම බවයි. නමුත් ඒ සැබෑවටම නොවේ.


                   මෙහි සැබෑ අරමුණ වී තිබුනේ නව නිපැයුම් නිශ්පාදන ආයතන (manufacturing innovation institutes) දෙකක් හඳුන්වාදීමයි. මේවා Chicago හි සහ Detroit වල නිර්මාණය කිරීමට නියමිතයි. මේවා මගින් “ඇමරිකාව 21 වෙනි සතවර්ශයේ නිශ්පාදන‍යේ ප්‍රමුඛයා “ ("that will put America at the forefront of 21st century manufacturing.") බවට පත් කෙරෙනු ඇතී.

                  නමුත් එක්සත් ජනපදය සැබෑවටම Iron Man නිර්මාණය කරමින් පවතින බවට වාර්ථා වනවා. එක්සත් ජනපදයේ Special Operations Command (SOCOM) යටතේ TALOS: Tactical Assault Light Operator Suit නමින් ව්‍යාපෘතියක් මේ සඳහා ක්‍රියාත්මකයි.


                 Armed with Science වෙබ් අඩවියට අදහස් දක්වමින්, TALOS ප්‍රධානී Michel  Fieldson පවසා සිටියේ ඔවුන් Iron Manට සමාන ඇඳුමක් නිර්මාණය කරමින් පවතින බවත්, මේ තාක්ෂණය දියුණු කිරීමේ අරමුණ හමුදා නිලධාරීන්ට වැඩි ආරක්ෂාවක් සැලසීමත් පමණක් බවත්ය. Fieldson තවදුරටත් පවසා සිටියේ 2014 අග භාගයේ මෙය එලිදැක්විය හැකි බවත් වසර 4ක් ඇතුලතදී හමුදා භාවිතය සඳහා නිකුත්කිරීමට හැකි වනු ඇති බවත්ය.

අදාල විඩියෝ..